2026 සැප්තැම්බර් 14, පෙ.ව. 12:10
මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ඉන්ධන ආනයන වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, පෞද්ගලික ඉන්ධන සමාගම් සඳහා ඉන්ධන මිල සංශෝධනය කිරීම පිළිබඳව රජය සලකා බැලිය හැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කර ඇත.
අදාළ පෞද්ගලික සමාගම් සමඟ ඇති කරගෙන ඇති ගිවිසුම්වලට අනුව එවැනි මිල සංශෝධනයක් සිදු කිරීමට නීතිමය බාධාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් සමුද්‍රීය මාර්ගවලට බාධා ඇතිවීමෙන් ආනයන වියදම් විශාල ලෙස ඉහළ යාම නිසා වත්මන් මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීම අපහසු වී ඇති බව පෞද්ගලික ඉන්ධන සමාගම් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
IOC, Sinopec සහ RM Parks ඇතුළු පෞද්ගලික ඉන්ධන බෙදාහරින්නන් මෙම කාරණය රජයේ අවධානයට යොමු කර ඇති බව ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු තහවුරු කළේය.
කෙසේ වෙතත්, පවතින තත්ත්වය යටතේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) විසින් අලෙවි කරන ඉන්ධනවල ඉහළ ගිය පිරිවැය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයන් මත පැටවීමට රජය අදහස් නොකරන බව ද එම නිලධාරියා පෙන්වා දුන්නේය.
2026 සැප්තැම්බර් 14, පෙ.ව. 12:34
2026 සැප්තැම්බර් 14, පෙ.ව. 12:31
2026 සැප්තැම්බර් 14, පෙ.ව. 12:28
2026 සැප්තැම්බර් 14, පෙ.ව. 12:22
2026 සැප්තැම්බර් 14, පෙ.ව. 12:20
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26