hit counter

2026 සැප්‍තැම්‍බර් මස 13 වන ඉරිදා

2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:34



යුරෝපීය දේශගුණ නිරීක්ෂණ ආයතනය වාර්තාවක් ද නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික සංසිද්ධිය මෙම වසර අවසානය වන විට එහි උපරිම මට්ටමට ළඟා විය හැකි බවයි.

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2026 වසරෙන් පසුව 2027 වසර ද වාර්තාගත උණුසුම්ම වසරක් බවට පත්විය හැකි බවයි. ගෝලීය උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ, 2027 වසරේදී අන්ත උෂ්ණත්වයන් වාර්තා වීමේ ඉඩකඩක් පවතී.

මීට අමතරව, මෙම වසර අගදී ‘එල් නිනෝ’ සංසිද්ධිය එහි උපරිමයට ළඟා විය හැකි අතර, එය මෙතෙක් වාර්තා වී ඇති දරුණුතම ‘එල් නිනෝ’ අවස්ථාවන්ගෙන් එකක් බවට පත්වීමේ හැකියාව ද පවතී.

ඒ අනුව, නුදුරු අනාගතයේදී ලොව පුරා බොහෝ ප්‍රදේශවල අන්ත උෂ්ණත්වයන්ගේ සහ ඒ ආශ්‍රිත දේශගුණික විපර්යාසවල බලපෑම තීව්‍ර වනු ඇති බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: