2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 9:02
රටේ මහජනයාගේ ධනයෙන් සතයකට අත තිබ්බොත් කවදාහරි දඩුවමක් ලැබෙන බව ඔප්පු කර පෙන්වන බවත් එනිසා දැන් විශාල පිරිසක් කලබල වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
මේ රට විනාශයට පත් කරපු දූෂිතයන්ට දඩුවම් දීම සඳහා වු නඩුවක් තිබෙන බවත් ආච්චි, මව, සහෝදරයා සහ බාප්පා හොරකම් කරානම් නීතිය කාටත් එකයි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“අපිට නඩුවක් තියෙනවා බේරගන්න. මේ රට විනාශයට පත් කරපු දූෂිතයන්ට දඩුවම් දීම සඳහා වු නඩුව තියෙනවා බේරගන්න. කවුරු මොනතරම් අනුකම්පා කරන්න උත්සාහ කරත්, කට්ටිය කඳුළු පෙන්නලා අනුකම්පාව දිනා ගන්න.
තාත්තලාට තිබ්බා පුතා හොරකම් කරන කොට අඩලා පුතේ එපා කියන්න. ඇල්ලුවට පස්සේ කඳුළු හලලා වැඩක් නෑ. තාත්තට තිබුණේ පුතා හොරකම් කරනකොට පුතේ ඔය වැඩේ කරන්න එපා කියන්න.
පුතාට රිසිසේ හොරකම් කරන්න දීලා, අල්ලපුවාම කඳුළු එනවා. ඕවට අපි අහුවෙන් නෑ හොදේ. කඳුළු වලට මේක යටපත් වෙන්න දෙන්නේ නෑ. අනුකම්පාව යටපත් වෙන්න දෙන්නේ නෑ. ආච්චිද, ආච්චිටත් නීතිය එකයි.
මවද, මවටත් නීතිය ක්‍රියාත්මක වෙනවා. සහෝදරයාද, බාප්පොච්චිද ඔක්කොටම එහෙමයි. සමහර අය කියනවා, සහෝදරයා එක පවුලේ කට්ටිය වැඩියි නේද. පවුලේ කට්ටිය වැඩියෙන් හොරකම් කරානම් පවුලේ කට්ටියම අහුවෙනවා.
මොනවා කරන්නද අපි. මේක කරනවා. අපේ රටේ ජනතාවට ආදර්ශයක් දෙන්න ඕනා, මහජනයාගේ ධනයෙන් සතයකට අත තිබ්බොත් කවදාහරි දඩුවමක් ලැබෙන බව අපි ඔප්පු කරන්න ඕනා. දැන් විශාල ප්‍රමාණයක් කලබල වෙලා ඉන්නවා.
කලබල වෙලා කියනවා, මේ ආණ්ඩුව වට්ටනවා. මේ ආණ්ඩුව පළිගන්න එනවා. මේ ආණ්ඩුව වෛරයෙන් පෙළෙනවා. අපිට කිසි කෙනෙක් ගැන වෛරයක් නෑ. අපි මොනවට වෛර කරන්නද. අපිට තියෙන්නේ මේ රට ගොඩනැගීම පිළිබඳ අපේක්ෂාව.
ජනතාව අපි කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තියෙනවා. මේ රටේ හොරකම නතර කරන්න ඕන කියලා. නීති විධානයේ ආධිත්‍ය තහවුරු කරන්න ඕන කියලා. රටේ ආර්ථිකය ගොඩනගන්න ඕන කියලා.
තමන්ගේ දරුවන්ට හොද ජීවිතයක් හදලා දෙන්න ඕන කියලා. අපේ ආණ්ඩුව ඉටු කරන්නේ ඒ බලාපොරොත්තුව. හැබැයි බලාපොරොත්තුවට යන්න බෑ අපරාධ වලට දඬුවම් දෙන්නේ නැතුව, දුෂිතයන් නීතියේ රැහැනට ගේන්නේ නැතුව, මේවා කරන්න ඕනා.
ඒවා මේ රට ගොඩනැගීමේම කාර්යයේ කොටසක්. හොරකම් අල්ලන එකයි, හොරකම් නතර කරන එකයි ගොඩනැගීමේ කොටසක්. නීතිය කාටත් සාධාරණ ලෙස ඉෂ්ට කිරීම ගොඩනැගීමේම කොටසක්.”
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:57
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:51
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 2:21
2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:35
2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:24