hit counter

2026 සැප්‍තැම්‍බර් මස 14 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:19



නවීන තාක්ෂණයෙන් සහ වැඩිදියුණු කළ සේවාවන් රැසකින් සමන්විතව අලුතින් නිර්මාණය කරන ලද කම්කරු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය පසුගියදා ජනගත කරන ලදි වඩාත් කාර්යක්ෂමව හා විනිවිදභාවයකින් යුතුව මහජනතාව වෙත සේවාවන් සමීප කිරීමේ අරමුණිනි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු අමාත්‍යාංශයේදී මෙම නව වෙබ් අඩවිය එළිදක්වා ඇත.

  සංශෝධිත කම්කරු නීතිරීති, අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ලබාගැනීම මෙන්ම සේවක අර්ථසාධක අරමුදල (EPF) ඇතුළු කම්කරු ක්ෂේත්‍රයට අදාළ විවිධ අයදුම්පත්, පඩිපාලක සභා තීරණ, ගැසට් නිවේදන සහ චක්‍රලේඛ බාගත කර ගැනීමේ පහසුකම් ද නව වෙබ් අඩවිය ඔස්සේ සලසා තිබේ.

  සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ජංගම දුරකතන සහ පරිගණක ඔස්සේ වෙබ් අඩවියට පිවිසීමේ හැකියාව තිබේ.

 කම්කරු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ මෙම සේවාවන් වෙත පිවිසිය හැකිය. එමෙන්ම, කම්කරු දෙපාර්තමේන්තුව, මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය සහ ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය යන ආයතනවල වෙබ් අඩවි වෙත පිවිසීමේ පහසුකම ද නව වෙබ් අඩවිය හරහා සලසා ඇත .

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් මහජනතාවට අමාත්‍යාංශය වෙත පැමිණීමකින් තොරව අවශ්‍ය සේවාවන් රැසක් ලබාගැනීමට අවස්ථාව සලසනු ලබයි .

මේ අතර, සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සාමාජිකයන් විසින් ඉදිරිපත් කරනු ලබන අයදුම්පත්වල ප්‍රගතිය මාර්ගගතව පරීක්ෂා කිරීමේ පහසුකම (Check Claim Status) Digital EPF සේවාව හරහා ලබාදීමේ සමාරම්භය ද මෙම අවස්ථාවට සමගාමීව සිදු කරන ලදි .

කම්කරු අමාත්‍යාංශයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: