2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:26
රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා නොලැබූවන් බව තහවුරු කෙරෙන සහතිකයක් ලබාගැනීම අනිවාර්ය කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.
පොලීසිය හෝ ඊට අදාළ නිල ආයතන මඟින් මෙම සහතිකය ලබාගත යුතුවන අතර දැනට රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන්ට ද මෙය අදාළ වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුන් කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වන අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළාය.
දැනට සේවයේ නියුතු නිලධාරීන් සිය සේවා කඩයිම් සහ වැටුප් වර්ධක ලබාගැනීමේදී අදාළ කාලපරාසය තුළ තමන් ළමා අපරාධ සඳහා සම්බන්ධ වී නොමැති බවට වූ මෙම සහතිකය අලුත් කර ඉදිරිපත් කළ යුතු බවද අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළාය.
අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ,
“රාජ්‍ය සේවයට ප්‍රවේශ වෙන, විශේෂයෙන්ම දරුවන්ට ප්‍රවේශය සහිත රැකියාවලට බඳවා ගැනීමේදී ඒ පුද්ගලයන් ළමා අපරාධ සම්බන්ධ චෝදනා නොලද පුද්ගලයන් හැටියට තහවුරු කරගැනීම සඳහා සහතික කරවා ගැනීමේ අවශ්‍යතාවය අපි කැබිනට් පත්‍රිකාවක් මගින් තහවුරු කරගැනීමට කටයුතු කරනවා.
ඒක අපි ඒකට අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි බලන්නේ රාජ්‍ය සේවයට ප්‍රවේශ වන අවස්ථාව වනවිට ඔවුන් දරුවන් සම්බන්ධව, දරුවන්ට ප්‍රවේශය සහිත රැකියා කරන අය ළමා අපරාධවලට චෝදනා නොලැබූ, නැත්නම් අපරාධකරුවන් ලෙස චෝදනාවක් නොලද අය විය යුතුයි කියන එක.”
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:35
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:27
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:14
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26