hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 01, පෙ.ව. 11:39



හම්බන්තොට කටුවැව පැරණි හම්බන්තොට මාර්ගයේදී අධි බලැති විදුලි රැහැන් සහිත විදුලි කණුවක් කැඩී යාමෙන් එහි තිබු විදුලි රැහැනක් ගැටීමෙන් විදුලි සැර වැදී වන අලියෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වන අලියෙකු බවයි හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසා සිටින්නේ.

මියගොස් සිටි වන අලියා එම විදුලි කණුවේ ඇති ආධාරක කම්බියේ ගැටීමෙන් පසු විදුලි කනුව කැඩීයාමෙන් පසුව මේ ආකාරයෙන් විදුලි කම්බියේ ගැටෙන්නට ඇති බවයි වනජීවී නිලධාරීන් සැක පලකරෙන්නේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හම්බන්තොට වනජීවි කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

හම්බන්තොට – රාහුල් සමන්ත හෙට්ටිආරච්චි