2026 සැප්‍තැම්‍බර් 17, ප.ව. 2:29
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පළල් බද සහිත නව ගුවන් යානා ඇණියක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළ නඩුවේ සැකකාරියකට ඇපකරුවන් ලෙස පෙනී සිටි හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (17) නියෝග කළේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී අභාවප්‍රාප්ත කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නැමැති සැකකාරිය වෙනුවෙන් මොවුන් දෙදෙනා රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප තබා තිබූ අතර, ඊයේ (16) නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම නිසා මෙම වරෙන්තුව නිකුත් කර තිබුණි.
අද (17) දින අධිකරණය හමුවේ පෙනී සිටි අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවේහෙට්ටි මහතා, අරවින්ද ද සිල්වාගේ මෑණියන්ගේ අභාවය සහ ඇගේ අවසන් කටයුතු ඊයේ (16) දිනයේ පැවැති බැවින් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බව දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඊයේ දින නිකුත් කරන ලද අදාළ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළේය.
2026 සැප්‍තැම්‍බර් 17, ප.ව. 2:31
2026 සැප්‍තැම්‍බර් 17, ප.ව. 12:04
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:17
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:24
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:22