2026 සැප්තැම්බර් 30, ප.ව. 12:18
අද (30) දින කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන, එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළ සැකකාරියක වන ගුවන් සේවා සමාගමේ හිටපු විධායක කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලිගේ ඇප රාජසන්තක කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි වීරනායක යන දෙදෙනා එම සැකකාරියට අධිකරණයේ ඇප තබා තිබුණ අතර එම ඇප මුදල් රාජසන්තක කර ඇත.
සැකකාරිය ඇප මත මුදා හැර තිබුණේ මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. එබැවින් අද දින මිලියන 20 ක මුදලක් අධිකරණයට ගෙවන බව ඇපකරුවන් සඳහා අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා දන්වා සිටි බව සඳහන්.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අද දින මිලියන 20ක මුදල අධිකරණයට භාර දෙන ලෙසත් ඉතිරි මිලියන 20 ඇපය ඔක්තෝබර් 17 වන දින ගෙවන ලෙසත් නියෝග කර ඇති බව වාර්තා වේ.
එයාර් බස් ගනුදෙනුවට අදාළව සිදු කරනු ලබන විමර්ශනයට අදාළව මෙම සැකකාරිය අධිකරණය මග හැරීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර ඇති අතර සිද්ධියට අදාළව ඇපකරුවන් වූ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි වීරනායක විවෘත අධිකරණයේ පෙනී සිටියා.
2026 සැප්තැම්බර් 30, ප.ව. 1:19
2026 සැප්තැම්බර් 30, ප.ව. 1:13
2026 සැප්තැම්බර් 30, ප.ව. 12:10
2026 සැප්තැම්බර් 30, ප.ව. 12:06
2026 සැප්තැම්බර් 30, පෙ.ව. 11:38