hit counter

2026 සැප්‍තැම්‍බර් මස 30 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 30, ප.ව. 12:10



2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු ගෙවීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වේ.

සමාගම් ආදායම් බදු, පුද්ගල ආදායම් බදු සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු අය කෙරෙන පුද්ගලයින් හා ව්‍යාපාර ඒ යටතේ සිය බදු මුදල් ගෙවිය යුතුයි.

බදු ගෙවීමට යටත් වන පුද්ගලයින් සහ ව්‍යාපාර මෙතෙක් එම බදු මුදල් ගෙවා නොමැති නම් අද දිනය තුළ එම බදු මුදල් ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේ නෙකරන සියලු පුද්ගලයින්ට දඩ සහ පොලී ගෙවීමට සිදුවන බවද ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත බදු ගෙවීමේ පද්ධතිය හරහා ගෙවීම් කළ හැකි අතර එම ගෙවීම් ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් සිදුකළ හැකිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: