2026 සැප්තැම්බර් 29, පෙ.ව. 12:20
කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට කඩිනම් විසඳුමක් ලබාදෙමින් මහජනතාවට වඩාත් සුවපහසු ප්‍රවාහන සේවාවක් තහවුරු කිරීමේ අරමුණින් හඳුන්වා දුන් නව මෙට්‍රෝ බස් රථ 104ක් අද (29) සිට ධාවනයට එක්කිරීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ මෙම නව බස් සේවාව නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත බව මෙට්‍රෝ බස් සමාගම සඳහන් කරනවා.
දැනට ක්‍රියාත්මක මාර්ග 02ට අමතරව අලුතින් හඳුන්වා දෙන නව මාර්ග 05ක් ඔස්සේ මෙම බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට සිට කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග 07ක් ආවරණය වන පරිදි සමස්ත මෙට්‍රෝ බස් රථ සේවාව ක්‍රියාත්මක වනු ඇති.
මගී ජනතාවට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව නියමිත වේලාවට සිය ගමනාන්ත වෙත ළඟාවීම සඳහා විධිමත් කාලසටහනකට අනුව මෙම බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
මීට අමතරව ලබන වසරේ සිට මෙම මෙට්‍රෝ බස් සේවාව කොළඹින් බැහැරව අනෙකුත් ප්‍රධාන පළාත් වෙතද ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන අතර එහි මූලික අදියර යටතේ මහනුවර, ගාල්ල සහ යාපනය යන දිස්ත්‍රික්කවලද මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වනවා.
2026 සැප්තැම්බර් 29, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 29, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 29, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 29, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 29, පෙ.ව. 12:14
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26