2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:26
මෙම මස අවසානයේ සිට ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 80ත් 100ත් අතර සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් රජය සලකා බලමින් සිටින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) ඇතුළු ඉන්ධන අලෙවිකරුවන් විසින් ඉන්ධන අලෙවිය හරහා දරා ඇති පාඩු සම්බන්ධ දත්ත ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවයි.
එම දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඩීසල් සඳහා ලබාදීමට අපේක්ෂිත නිශ්චිත සහනාධාර මුදල තීරණය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර, මෙම මස අවසානයේ ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව ඇති අතර, දැනට පවතින ඉන්ධන මිල ගණන් හැකිතාක් දුරට පවත්වාගෙන යාම මෙන්ම ඩීසල් මිල ඉහළ යාම වළක්වා ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.
මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිලද ඉහළ මට්ටමක පවතින අතර, WTI වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 92.41ක් පමණ වන අතර, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 104.03ක් ලෙස සටහන් වේ.
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:18
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:12
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26