2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:18
මූල්‍ය හා කල්බදු සමාගම් මගින් ලබාදුන් වාහන හෝ වෙනත් උපකරණ නැවත පවරා ගැනීමේදී පවතින නීතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
මූල්‍යකරණය යටතේ ලබාගත් යම් දේපළක් නැවත පවරා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 27 වැනි වගන්තිය යටතේ පැහැදිලිව දක්වා ඇති බව ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව, අදාළ බදු දෙන්නා විසින් ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කළ යුතු අතර, නීත්‍යානුකූලව සිදුකරන පවරා ගැනීමකදී පොලිස් සහාය ලබාගැනීමටද හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
කෙසේ වෙතත්, පවරා ගැනීමේදී නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් අයුතු ලෙස ඇතුළුවීමක් හෝ බලහත්කාරයෙන් දේපළ ලබා ගැනීමක් සිදුකරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“අපි මතක් කරන්නට අවශ්‍යයි කල්බදු සමාගම්, මූල්‍ය සමාගම් විසින් වාහන ඇතුළු කල්බදු මූල්‍යකරණයට යටත්කර ඇති උපකරණයක සන්තකයට ලබා ගැනීමට ඒ අනුව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව විධි විධාන වසර 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණය යටතේ 27 වෙනි වගන්තියේ ඉතා පැහැදිලිව විස්තර කරලා තියෙනවා. මෙහිදී බදු දෙන්නා විසින් අදාළ උපකරණය අයිති ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත එම අයිතිවාසිකම පිළිබඳව පෙර දැනුවත් කළ යුතුව තිබෙනවා.
මෙම දැනුම්දීම හරහා මෙම බදු දෙන්නා විසින් එම අයිතිවාසිකම ක්‍රියාත්මක කිරීමේදී යම් සාමය කඩවීමක් වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එහිදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු හෝ ස්ථානාධිපතිවරයෙකුගේ ඒ අවශ්‍ය සහාය ලබා දී ඒ අවශ්‍ය පියවර ගැනීමටත් හැකියාව තියෙනවා.
විශේෂයෙන් සඳහන් කළ යුතුයි මෙම උපකරණය සන්තකයේ ඇති අයගේ යම් කිසි ප්‍රතිරෝධය පෑමක් නොමැති නම් කිසිදු සාමය කඩවීමක් නොවී බදු දෙන්නාට ඒ උපකරණය තමා සන්තකයට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් එම උපකරණය තමා සන්තකයට ලබා ගැනීමට යාමේදී යම් ප්‍රතිරෝදයක් එල්ල වූ අවස්ථාවේදී බදු දෙන්නා විසින් ඊට අදාළව දිසා අධිකරණයේ පිහිට පැතිය යුතුයි.
සමහර අවස්ථාවලදී මෙම දිසා අධිකරණයේ පිහිට නොපතා මේ ප්‍රතිපාදනවලට පරිභාහිරව ක්‍රියා කිරීම මගින් විශේෂයෙන් බදු දීමනාකරු හො ඔහුගේ නියෝජිතයෙකු විසින් නෛතික තත්ත්වය මුහුණ පෑමටත් සිදුවෙනවා. මේ පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමේදී සාපරාධී වරදක්, අපරාධමය වරදක් නිර්මාණය වුවහොත්, අපි කතාවෙන කොල්ලකෑමක් වශයෙන් හෝ සාපරාධී අයුතු ඇතුළ්වීමක් හෝ බලෙන් ලබා ගැනීමක් වූ විට ඒ පිළිබඳවත් නීතිය ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙනවා.”
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:12
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26