hit counter

2026 සැප්‍තැම්‍බර් මස 26 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:19



අපේ පුංචි කාලේ හිතේ හැටියට හිනස්සපු කාලයක් ගියත් කවදාවත් හිතෙන් මකන්න බැරි ඒ ආදරණීය කලාකරුවා තමයි ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ.

මොන රංගනය දැක්කත් තමන්ගේ ප්‍රේක්ෂකයන්ව හිනාවෙන් පුරවන චරිතයක් තමයි මේ. පහුගිය දවස්වල තිබ්බ Calin Popular Awards එකේදී සිදුවුණ සිදුවීමක් හැමෝම කතා කරන්න පටන් ගත්තා.

ඒ අපේ ආදරණීය ගිරිරාජ්ව ඇඟේ දියණිය අමන්ද්‍යා තමයි ස්ටේජ් එකට තාත්තාව එක්කගෙන එන්නේ…තාත්තට සම්මානය ගන්න අතින් අල්ලගෙන දුව එක්කන් එනවා..

පුලුවන් කාලේ දුවව බලාගත්ත තාත්තා වයසට යද්දී තාත්තට වාරුවක් වෙන විදිය…එහෙම තමයි අපිව හිනස්සපු හිනාවෙන්ම අඬවපු චරිත කරපු ඒ කලාකාරයෝ ටික ටික වයසට යද්දී ඇත්තටම දුකයි. ඒ එක්කම අපිත් කොච්චර ඉක්මනට වයසට යනවද කියලා හිතෙනවා නේද?

තමන්ගේ ආදරණීය දුවගේ අතින් අල්ලගෙන ඇගේ වාරුවෙන් අමාරුවෙන් ඇවිත් සම්මානය ගනිද්දීත් ඒ මූණේ ඉස්සර තිබ්බ ඒ අවංක අහිංසක හිනාව නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැ. ඇත්තටම ජීවිතේ අවසාන කාලෙදි මේ වගේ පණ වගේ ළඟින් ඉන්න හයියක් වෙන දුවෙක් ඉන්නවා කියන්නේ වෙන සම්මාන ඕනෙම නැති තරම් ජීවිතේ ලබන්න පුලුවන් හොඳම සම්මානයක්. ඉතිං අපි මිනිස්සුන්ට ආදරේ කරන්න අගයන්න ඕනේ ජීවතුන් අතර ඉද්දිමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: