2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:11
පවතින ආර්ථික පසුබිම හමුවේ විදුලි ගාස්තු සහ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සිදුවන තත්ත්වයක් පැවතියද, ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය එම ක්ෂේත්‍ර සඳහා දිගින් දිගටම සහනාධාර ලබාදීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
ස්වර්ණවාහිනී නාලිකාවේ ‘රතු ඉර’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඩීසල් ලීටරයක් සඳහා රජය මේ වන විටත් රුපියල් 100ක සහනාධාරයක් ලබාදෙන බවයි. සහන මිලට ලබා දුන්න ද ජනතාවගේ ආර්ථික අපහසුතා හේතුවෙන් එම මිල පවා ජනතාවට බරක් වී ඇති බව පිළිගන්නා බව පැවසූ ඔහු, වැඩි වීමට තිබූ විදුලි ගාස්තුවලට බදු සහනයක් ලබාදෙමින් සමස්ත පාරිභෝගිකයන්ගෙන් සියයට 96කගේම විදුලි බිල වැඩි නොවීමට රජය වගබලා ගත් බව ද සඳහන් කළේය.
සැප්තැම්බර් 30 වැනිදායින් පසු ඉදිරි මාස තුනක කාලය සඳහා ද ඉන්ධන සහනාධාරය අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය රුපියල් මිලියන 17,000ක (රුපියල් බිලියන 17ක) මුදලක් පසුගියදා පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
රජය මහජන බදු මුදල් යොදවන්නේ මෙවැනි සහන සැලසීම සඳහා බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනතාව පීඩාවට පත් කරමින් අධ්‍යාපනය හා සෞඛ්‍යය කප්පාදු කර ආර්ථිකය ගොඩනැගීමට තම රජය කටයුතු නොකරන බව අවධාරණය කළේය.
තවද, වතු කම්කරුවන්ගේ වැටුප වෙනුවෙන් රජයේ ප්‍රතිපාදන මඟින් දිනකට රුපියල් 200ක මුදලක් ගෙවීමට පියවර ගෙන ඇති බවත්, විදේශගත ශ්‍රමිකයන් සඳහා සහන පොලී යටතේ නිවාස ඉදිකර ගැනීමට රුපියල් කෝටියක ණය මුදලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට දෙස බැලුවේ සමාගමක් ලෙස සහ තමන් එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස බවට විවේචනය කළ බිමල් රත්නායක මහතා, වත්මන් පාලනය මෙරට ධනවත්ම පුද්ගලයාගේ සිට කිලිනොච්චියේ සිටින අන්ත අසරණ දුප්පත්ම පුරවැසියා දක්වා සමස්ත ජනතාවම ආවරණය වන පරිදි කිසිවෙකු අත්නොහරින ප්‍රතිපත්තියක් මත පාලන කටයුතු මෙහෙයවන බව වැඩිදුරටත් කියා සිටියේය.
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:37
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:14
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:13
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26