hit counter

2026 සැප්‍තැම්‍බර් මස 18 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:12



මෙරටට සිනි ආනයනය කිරිම මෙම වර්ෂයේ (2026) මුල්මාස පහ තුලදි (ජන – මැයි) සීනි මෙට්‍රික්ටොන් 270,173 දක්වා  පහත වැටි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

ඉකුත් වර්ෂයේ (2025) මෙම කාලය තුලදි මෙරටට සිනි මෙට්‍රික්ටොන් 305,229ක් ආනයනය කොට තිබුණි.

ඒ අනුව 2026 වර්ෂයේ මුල්මාස පහ තුලදි ආනයනය කොට ඇති සිනි මෙට්‍රික්ටොන් ප්‍රමාණය  ඉකුත් වර්ෂයේ මුල්මාස පහට සාපේක්ෂව  සිනි මෙට්‍රික්ටොන්  35,056 කින් අඩුවි  ඇත.

මෙම වර්ෂයේ මුල්මාස පහ තුලදි මෙරට සිනි නිෂ්පාදනය  ද  මෙට්‍රික්ටොන් 8,976 දක්වා වැඩිවි ඇත.2025 වර්ෂයේ මෙම කාලය තුලදි  මෙරට සිනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 5,894කි.

 එමෙන්ම  මෙම වර්ෂයේ ජනවාරි මස සිට ජුලි මස  දක්වා කාලය තුලදි සිනි ආනයනය කිරිම සදහා වැයකොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 182.4 දක්වා සියයට 20.2කින් අඩුවි ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: