2026 ඔක්තෝබර් 01, පෙ.ව. 11:28
මාලිමාණ්ඩුව යටතේ ජනතාව කමින් බොමින් විනෝද ගමන් යමින් නිදහසේ සැනසිල්ලේ ජීවත් වන බවත් අධිවේගී මාර්ගවල ආදායම් වැඩිවීම තුළින්ම මැනවින් තහවුරු වන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.
“අපේ රජය භෞතික සංවර්ධනයට දැවැන්ත ඉලක්කයක් තියලා ඒක හඹාගෙන යනවා වගේම මිනිස්සුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය, අධ්‍යාත්මික ගුණ වගාවට ඒ හා සමානවම බරක් තියලා තමයි අද කටයුතු කරන්නේ. මම ඊයෙත් ඇත්තටම පැය හතරක් විතර හිටියේ BMICH එකේ පොත් ප්‍රදර්ශනයේ. කියන්නත් සතුටුයි, විශාල තරුණ පිරිසක් ඇවිල්ලා මිලියන ගණනින් පොත් අරගෙන යනවා.
මං හිතන්නෙ ඒක දැවැන්ත ප්රබෝධයක්. ඒ වගේම පහුගිය දවස්වල අපි දැක්කා මිනිස්සු, හයිවේ එකේ විතරක් දින හතරකට ආදායම තිබුණා කෝටි 30ක් විතර. මම දැක්කා සත්තු වත්තේ ලංකා ඉතිහාසයේ වාර්තාවක් තියලා තිබුණා, එක දවසට මිලියන දෙකයි දශම ගණනක ආදායමක්. ඒකෙන් සටහන් වෙන්නෙ මිනිස්සු කාලා බීලා වගේම ඇවිදලා කියලා ටිකක් නිදහසේ සැනසිල්ලේ ඉන්නවා. ඉතින් අපිට අවශ්‍ය ඒ වගේ මානවයෙක් නිර්මාණය කරන්න.”
නි. ඇමති නලින් හේවගේ මේ බව පැවසුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2026 ඔක්තෝබර් 01, ප.ව. 1:27
2026 ඔක්තෝබර් 01, ප.ව. 12:41
2026 ඔක්තෝබර් 01, පෙ.ව. 11:55
2026 ඔක්තෝබර් 01, පෙ.ව. 9:46
2026 ඔක්තෝබර් 01, පෙ.ව. 12:27