2026 ඔක්‍තෝබර් 01, ප.ව. 12:41
ඊයේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අද බ්‍රහස්පතින්දා (01) මාධ්‍ය හමුවේ අදහස් පළ කර තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ, තමන් දන්නා කරුණු අනුව ඩීසල් මිල මීට වඩා ඉහළ අගයකින් වැඩි කිරීමට තිබුණු බවයි.
කෙසේ වෙතත්, පසුගිය කැබිනට් මණ්ඩලය විසින් මාස තුනක කාලයක් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට අනුමැතිය ලබාදී තිබූ බව ද ඔහු පැවසීය.
එම සහනාධාරය දෙසැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක වන අතර, එය උද්ධමනය පාලනය කිරීම සඳහා ගත් එක් උපක්‍රමයක් බව ඔහු පෙන්වා දුන්නේය. දැනට උද්ධමනය 8.1ක් වැඩි වෙලා තිබෙන බවද ප්‍රකාශ කළහ.
නමුත් රුපියල් 10ක් වැඩි කළත් පෞද්ගලික බස් ගාස්තු වැඩි කරන්නේ නැති බවද,පාඩුව දරා ගන්න බවද එතුමා විජේරත්න සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් කෙටි සේවා බස් රථයකට දිනකට රුපියල් 750ක පමණ පාඩුවක් සිදුවන බවත්, දුර සේවා බස් රථ සඳහා දිනකට රුපියල් 2,000ක පමණ පාඩුවක් සිදුවන බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත්, ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රතිපත්තිමය එකඟතාවක් පවතින බැවින්, රුපියල් 10ක මිල වැඩිවීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමට කටයුතු නොකරන බව ද ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළේය.
2026 ඔක්‍තෝබර් 01, ප.ව. 1:27
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 11:55
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 11:28
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 9:46
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:27
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
27-09-26
27-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26