hit counter

2026 සැප්‍තැම්‍බර් මස 21 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:09



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා, ජනතාව වෙනුවෙන් සේවය කළ දේශපාලනඥයන් අද අන්‍යාය ලෙස හෙළා දකින ආකාරය පිළිබඳව දැඩි කනගාටුව පළ කරයි.

“ඔබ වෙනුවෙන් පොලිස් ස්ථානයට කතා කරන්නත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සම්බන්ධ වෙන්නත් පුළුවන් අය ඔබට ඉස්සරහින්ම හිටියා. හොඳ කාලේත් නරක කාලේත් ඔබ අභියස ඉඳගත්තු අය ඒ අය. නමුත් ඔබ වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, පළාත් සභා මන්ත්‍රීවරයා, පළාත් පාලන මන්ත්‍රීවරයා අද හොරු කියලා අවමන් කරලා, උපහාසයට ලක්කරලා තියෙනවා,” යැයි ඔහු පවසා තිබේ.

මෙම ප්‍රකාශය හරහා, දූෂණ විරෝධී විමර්ශන ක්‍රියාවලිය මගින් සියලුම දේශපාලනඥයන් පොදුවේ අවලාද්දට ලක්කරමින් සිටින බවත්, ජනතාව වෙනුවෙන් අවංකව සේවය කළ ප්‍රාදේශීය නායකයන් පවා එයට හසුවෙමින් සිටින බවත් නලින් බණ්ඩාර මහතා ඉඟි කරයි. දේශපාලනඥයන් සමූලයෙන් “හොරු” ලෙස සලකන ප්‍රවණතාව නවත්වා, එවැනි චෝදනා තහවුරු වූ අවස්ථාවලට පමණක් සීමා කරන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: