hit counter

2026 සැප්‍තැම්‍බර් මස 20 වන ඉරිදා

2026 සැප්‍තැම්‍බර් 20, ප.ව. 9:29



අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින දිස්ත්‍රික්කවල හෙට (21) දින පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව එහි ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේ, මේ බව අදාළ බලධාරින් වෙත දැනුම්දී තිබෙන බවයි.

එමෙන්ම මින් පෙර අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය කලාපයේ හෙට (21) දිනය තුළ පාසල් පවත්වාගෙන යෑමට අපහසු නම් ඒ පිළිබඳව විදුහල්පතිවරුන්ට තීරණය කිරීමේ බලය කලාප අධ්‍යාපන අධක්ෂවරයා විසින් ලබාදී ඇති බව වාර්තා විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: