hit counter

2026 සැප්‍තැම්‍බර් මස 21 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:06



මාලිමා ආණ්ඩුව බලයට පත්වූ පසු අකුරැස්ස නගරය ජලයෙන් යට නොවූ බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

පසුගිය දින දෙකක් තිස්සේ වැසි වැටුණද නගරය යට නොවූ නමුත් පසුගිය පාලන සමයෙහි කුඩා වැස්සකට පවා අකුරැස්ස නගරයේ බොහෝ ස්ථාන ජලයෙන් යට වූ බවද ඔහු සිහිපත් කරයි.

මාලිමාණ්ඩුව බලයට පැමිණි වහාම නිල්වලා ගඟේ අර්බුදය විසඳන බවට පොරොන්දු වූ බවත් ඒ අනුව විශාල මුදලක් වියදම් කරමින් හමුදාවේද සහාය ඇතිව නිල්වලා ගඟ සුද්ද කළ බවද සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

ඒ අනුව සිය ආණ්ඩුව බලයට පැමිණි දින සිට අකුරැස්සට සහ මාතරට ගං වතුරක් නොගැලූ බවද ඇමතිවරයා සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: