hit counter

2026 සැප්‍තැම්‍බර් මස 21 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:19



අමිරු කෝරළගේ කියන්නේ පුංචි තිරයෙන් මෙන්ම සිනමාවෙන් අපේ හිත් දිනාගත්ත හරිම ආදරණීය රංගන ශිල්පියෙක් කිවුවොත් හරි. ‘අපේ සිනමාව’ එක්ක පැවැත්වුණු සුන්දර කතාබහකදී ඔහු තමන්ගේ පළමු රංගන අත්දැකීමේ ඉඳලා අද වෙනකම් ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන්ගෙන් ලැබුණු ආදරය සහ සහයෝගය ගැන අදහස් දක්වලා තිබුණා.

තමන්ගේ මංගල සිනමා නිර්මාණය වුණු ‘පහ සමත්’ චිත්‍රපටයේ දෙමවුපියන් ලෙස රඟපෑ ප්‍රවීන රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා සහ ප්‍රවීන රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න පිළිබඳව ඔහු මතක් කළේ හරිම ආදරණීය විදිහට.

ඒ එදා පාන්දර කළුවරේම ඇවිත් “ආ… මෙයාද මගේ පුතා?” කියලා ඇහූ උද්දිකගේ ආදරණීය පිළිගැනීම වගේම මෑතකදී මළගෙදරකදී හමුවුණු මොහොතෙත් “මේ මගේ පුතානේ” කියමින් ළඟට ගෙන කතා කළ දිල්හානිගේ ඒ නොවෙනස්වුණ ආදරය අමිරුගේ සිතේ අදටත් නොමැකෙන මතක සටහන් විදියට ඉතිරි කරන්න පුලුවන් වෙලා තියෙනවා.

ඊට අමතරව ‘නටත් අයෙක් සුරාමතින්’ ටෙලි නාට්‍යයේ මව ලෙස කටයුතු කරන ප්‍රවීන රංගන ශිල්පිනී හිමාලි සයුරංගි තමන්ගේ අධ්‍යාපනය සහ රංගනය සමබරව කරගෙන යන අයුරු අගය කරමින් දුන් සහයෝගයත් අධ්‍යක්ෂ රොෂාන් රවීන්ද්‍ර මිතුරෙකු මෙන් ක්ෂේත්‍රයේදී ළඟින්ම සිටි හැටිත් ඔහු හරිම ආදරයෙන් මතක් කර සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: