hit counter

2026 සැප්‍තැම්‍බර් මස 21 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:09



පසුගිය ජනාධිපතිවරණයේදී 43%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය මේ වනවිට 75% කටත් වඩා ඉහළ ගොස් ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

“කවුරුත් ට්‍රයි කළාට වැඩක් නෑ, 2029දීත් ජනාධිපති අනුරම තමයි. කටට එන වචන කිව්වාට වැඩක් නෑ, ජනතාව දන්නවා මේක ජනතාවාදී පාලනයක්.

43%ක් ගත්ත අනුර දිසානායක ජනාධිපතිවරයා අද වෙනකොට 75% කට වැඩි ජනතා ප්‍රසාදයක් දිනාගෙන තිබෙනවා. මං හිතන්නෙ කළය බිඳගෙන ඉවරයි ඒගොල්ලෝ.”

ඇමති වසන්ත සමරසිංහ මේ බව පැවසුවේ අනුරාධපුර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: