2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:16
විපක්ෂය කුමන උත්සාහයන් දැරුවද 2029 වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ද අනුර කුමාර දිසානායක මහතාම අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය කිසිසේත්ම බිඳවැටී නොමැති බවයි.
“පොහොට්ටුව කළේ මුළු රටෙන්ම මිනිස්සු එකතු කරගෙන ඇවිත් අනුරාධපුරයේ එක රැස්වීමක් තියලා තමන්ට තවමත් බලය තියෙනවා කියලා පෙන්නන්න හදපු එකයි. නමුත් අපි අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළත පමණක් එකම දවසේ, එකම වේලාවක ස්ථාන දෙකකදී දැවැන්ත ජන රැලි පැවැත්වුවා. නොච්චියාගමේදී එක් රැස්වීමකුත්, කහටගස්දිගිලියේදී තවත් රැස්වීමකුත් පවත්වමින් දස දහස් සංඛ්‍යාත ජනතාවක් ඒකරාශී කර පෙන්වීමට අපට හැකි වුණා.
ඔවුන් රට පුරා විසිරී සිටින පිරිස් එක තැනකට ගේද්දී, අපිට එකම දිස්ත්‍රික්කයේ තැන් දෙකකදී ඊට වඩා විශාල සෙනඟක් එකතු කරන්න පුළුවන් වුණා. ඒ රැලිවලට ආපු අතිවිශාල ජනකායෙන්ම ඔප්පු වෙන්නේ අදටත් රටේ පොදු ජනතාව ඉන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අපේ ආණ්ඩුව සමඟ බවයි. ඒ නිසා විපක්ෂය මොනවා ට්‍රයි කළත් වැඩක් වෙන්නේ නැහැ. 2029 ජනාධිපතිවරණයේදීත් ජනාධිපති ධුරයට පත්වෙන්නේ අනුර කුමාර දිසානායක මහතාම තමයි.”
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:13
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:10
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26