hit counter

2026 සැප්‍තැම්‍බර් මස 19 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:03



ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් වන දසුනි සිනේත්මා කියන්නේ පුංචි තිරය තුළින් ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත්ත චරිතයක්. ඇගේ සුන්දර සිනහවත්, තාත්වික රංගනයත් නිසාම නිර්මාණ අතරේ ඇය සෑමවිටම කැපී පෙනෙනවා.

මෑතකදී ඇයගේ අලුත්ම තොරතුරු සහ කලා ක්ෂේත්‍රය ගැන දැක්වූ අදහස් කිහිපයක් පහතින් දැක්වෙනවා.

“මේ දවස්වල ඇත්තටම බිසී. නින්දක් නැති තරම්. ඇස්වලින්ම පේනවා ඇති dark circles ඇවිල්ලා.”

ඇයගේ කාර්යබහුලත්වය සහ ඒ නිසා ඇතිවූ වෙහෙසකර බව ගැන ඇය පවසන්නේ එලෙසිනි. ඊට අමතරව තමන්ගේ පෙනුමේ සිදුවූ වෙනස ගැන ඇය තවදුරටත් අදහස් දැක්වූවාය.

“මම කොණ්ඩෙ වෙනස් කළා. හැබැයි ඒ කොණ්ඩෙ වෙනස් කරන අතරතුරේ මමත් චුට්ටක් වෙනස් වුණානේ සයිස් එකෙන්. මං එහෙම ලේසියෙන් මහත් වෙච්ච කෙනෙක් නෙමෙයි. අර කකුලෙ ප්‍රශ්නෙ හින්දා තමයි ඇත්තටම මහත් වුණේ.”

කකුලේ ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා සිදුවූ ශරීර බර වැඩිවීම නැවත පාලනය කරගැනීමට ඇය මහන්සි වන ආකාරය ගැන ඇය මෙසේ සඳහන් කළාය.

“දැන් ඉතින් මං ආපහු diet කරලා, exercise කරලා, workouts කරලා හිටපු තත්ත්වයට පත්වෙන ගමන් ඉන්නේ. මං දන්නේ නැහැ ඔයාට පේනවද කියලා මං චුට්ටක් කෙට්ටු වෙලා කියලා.”

එසේම කලා ක්ෂේත්‍රයට පැමිණෙන නවකයන් සහ ඔවුන්ට ලැබිය යුතු අවස්ථා පිළිබඳව ඇය දැක්වූයේ ඉතා සහයෝගී සහ සුබවාදී අදහසකි.

“අලුත් අය එනවා field එකට. එතකොට ඒගොල්ලොන්ට chances අපි දෙන්න ඕනේ. එයාලා ඒ chances අපෙන් ගන්න දැනගන්නත් ඕනේ. මොකද අපිට වඩා talent අය හැංගිලා ඉන්නවා හැමතැනම. ඇත්තටම මගෙන් කෙනෙක් ඇවිල්ලා ඇහුවොත්, ‘අක්කි මේක කොහොමද කරන්නේ?’ කියලා, මං ඇත්තටම උදව් කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: