2026 ඔක්‍තෝබර් 02, ප.ව. 2:59
යාපනය, කන්කසන්තුරේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් අක්කර 187.56ක භූමි ප්‍රමාණයක් සිවිල් ජනතාවගේ භාවිතය සඳහා ආරක්‍ෂක අංශ විසින් විධිමත් ලෙස මුදා හැර තිබේ. මෙමඟින් එම භූමිය ඵලදායී ආර්ථික හා සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට අවස්ථාව උදා කර ඇත.
වලිකාමම් උතුර (තෙලිප්පලෙයි) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ජේ/233 කන්කසන්තුරේ බටහිර ග්‍රාම නිලධාරී වසමෙහි පිහිටි මෙම භූමිය, 1997 මැද භාගයේ සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් භාවිත කරනු ලැබීය.
මෙම භූමිය මුදා හැරීමට අදාළ ලියකියවිලි පාලාලි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ඩබ්ලිව්. එම්. ඒ. එම්. නිස්සංක විසින් පසුගිය බදාදා (සැප්තැම්බර් 30) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. පිරතීපන් මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
අක්කර 187.56කින් යුත් මෙම භූමි ප්‍රමාණය මුදා හැරීම, කන්කසන්තුරේ යෝජිත ආයෝජන කලාපය සඳහා අවශ්‍ය රාජ්‍ය ඉඩම් ලබාදීමේ පුළුල් වැඩපිළිවෙළේ එක් පියවරකි. එමඟින් ප්‍රදේශයේ අනාගත ආයෝජන මෙන්ම ආර්ථික සංවර්ධන කටයුතු ද බෙහෙවින් විධිමත් වනු ඇත.
2026 ඔක්‍තෝබර් 02, ප.ව. 3:05
2026 ඔක්‍තෝබර් 02, ප.ව. 12:04
2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 10:45
2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 10:03
2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 10:00