2026 ඔක්තෝබර් 02, පෙ.ව. 10:00
පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ සියලුම තෙල් වර්ග විශාල ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩි.ජේ. රාජකරුණා පවසයි.
ඒ අනුව පෙට්‍රල් මිල 80%කින්ද ඩීසල් මිල 91%කින්ද බොරතෙල් 66%කින්ද ඉහළ ගොස් ඇතැයි සභාපතිවරයා පෙන්වා දෙයි.
එහෙත් රට තුළ පෙට්‍රල් 41%ක්ද ඩීසල් 39%ක්ද අඩුවෙන් ලබා දෙන බවද ඩීසල් ලීටරයකට රජයෙන් රු. 70ක්ද තෙල් සංස්ථාවෙන් රු. 66ක්ද දරා ගන්නා බවත් ඔහු ප්‍රකාශ කරයි.
මාධ්‍ය හමුවක් කැඳවමින් ඩි.ජේ. රාජපකරුණා වැඩි දුරටත් කියා සිටියේ ලෝක වෙළඳපොළ මිල ගණන් අනුව ඩීසල් ලීටරයක් රු. 528ක්ද පෙට්‍රල් ලීටරයක් රු. 446ක්ද වන බවත් එමගින් තෙල් සංස්ථාවට රු. 52ක පාඩුවක් සිදුවන බවද සඳහන් කරයි.
2026 ඔක්තෝබර් 02, පෙ.ව. 10:45
2026 ඔක්තෝබර් 02, පෙ.ව. 10:03
2026 ඔක්තෝබර් 02, පෙ.ව. 12:33
2026 ඔක්තෝබර් 02, පෙ.ව. 12:31
2026 ඔක්තෝබර් 02, පෙ.ව. 12:16