2026 ඔක්තෝබර් 21, ප.ව. 4:12
ඩයමන්ඩ් පැස්ටා (පෞද්ගලික) සමාගම ශ්රී ලංකාවේ ප්රථම රුලං පිටි ඇඹරුම්හල පසුගියදා නිළ වශයෙන් විවෘත කරන ලදී. මෙය සමාගමේ මෙහෙයුම් කටයුතුවල ඉදිරි ගමනට සුවිශේෂී පියවරක් මෙන්ම මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්රයට වැදගත් දායකත්වයක් වනු ඇත.
2008 වසරේදී දේශීය පැස්ටා නිෂ්පාදනයේ පුරෝගාමීන්, ඩයමන්ඩ් පැස්ටා (පෞද්ගලික) සමාගම ලෙස සිය ගමන ආරම්භ කරමින්, එහි ප්රමුඛතම සන්නාම වන රෝසා සහ මිලාන් හරහා ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය පිළිබඳ ඉතාම හොඳ කීර්තිනාමයක් ගොඩනගාගෙන ඇත. මෙලෙස උසස් මට්ටමේ පැස්ටා නිෂ්පාදනය කිරීමට ජාත්යන්තර තත්ත්ව ප්රමිතීන්, නවීනතම ඉතාලි යන්ත්රෝපකරණ සහ Bühler තාක්ෂණය එක් කරගනී. එමගින් ශ්රී ලාංකික පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට, පහසුවෙන් ලබාගත හැකි උසස් තත්ත්වයේ පැස්ටා වෙළඳපොළට එක්වෙයි.
මෙම නව රුලං පිටි ඇඹරුම්හල, සමාගමේ අනාගතය වෙනුවෙන් සිදු කළ ඉතාම වැදගත් ආයෝජනයකි. එය සමාගමේ සැපයුම තවත් ශක්තිමත් කරන අතර, දිවයින පුරා වර්ධනය වන පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සඳහා උසස් තත්ත්වයේ පැස්ටා අඛණ්ඩව සැපයීමට ද රුකුලක් වේ.
මෙම ව්යාපෘතියේ ප්රතිලාභ ව්යාපාරික සාර්ථකත්වයෙන් ඔබ්බට ගොස්, දේශීයව රුලං පිටි ඇඹරුම් ක්රියාවලිය වර්ධනය කිරීම සහ ආනයනික අමුද්රව්ය මත යැපීම අවම කිරීම තුළින්, එය ශ්රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ ස්වයංපෝෂිතභාවය ඉහළ නැංවීමට ද දායක වේ.
ජාත්යන්තර ප්රමිතීන්, දියුණු ඉතාලි තාක්ෂණය සහ දේශීය නිෂ්පාදන විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවෙමින්, ඩයමන්ඩ් පැස්ටා සමාගම ශ්රී ලංකාවේ පැස්ටා කර්මාන්තය තවදුරටත් ඉහළ තලයකට ගෙන යයි. ඒ සමඟම, වඩාත් ශක්තිමත් සහ ස්වයංපෝෂිත දේශීය ආහාර නිෂ්පාදන ක්ෂේත්රයක් ගොඩනැඟීමට ද සිය දායකත්වය ලබා දෙයි.
2026 ඔක්තෝබර් 21, ප.ව. 1:41
2026 ඔක්තෝබර් 21, ප.ව. 12:34
2026 ඔක්තෝබර් 20, ප.ව. 4:43
2026 ඔක්තෝබර් 19, ප.ව. 1:53
2026 ඔක්තෝබර් 19, ප.ව. 12:08