2026 ඔක්තෝබර් 23, ප.ව. 5:13
අපිව හිරේ දාන්න, හැබැයි අපිව හිරේ දානවා නම් අනුර කුමාර දිසානායක මුදල් ඇමතිතුමා සහ ඔය සහචරයින්ට මතක් කරනවා මරණ දඬුවම දීලා අපිව හිරේට දාන්න, එහෙම නැතුව හුස්ම යන්තම් හරි ඉතුරු වෙන්න හිරේට දැම්මොත්, අපි හිරේ ගෙදර ඉඳගෙන හරි මේ සටන කරනවා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.
ඒ අද(23) අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබූ අවස්ථාවේ මාධ්යට අදහස් දක්වමින්.
මෙහිදී අදහස් දැක්වූ තිස්ස කුට්ටිආරච්චි,
” අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, අපිව හිරේ දාන්න ඔබතුමා හොයන්නේ අයන් එකේ මිලයි, වොෂින් මැෂින් එකේ මිලයි, රයිස් කුකර් එකේ මිලයි, ඒක ගත්තේ කොහොමද කියලනේ ඔබතුමා හොයන්නේ. ඔබතුමාට බොහොම පැහැදිලිව මතක් කරනවා, වැඩි කල් යන්නේ නැහැ ඔබතුමාගේ ආණ්ඩුව එවලලා, අපේ ආණ්ඩුවක් ගේන තැනට අද රටේ ජනතාව කතා කරනවා.
අපි ආණ්ඩුවක් ආපු ගමන් අනුර කුමාර දිසානායක මුදල් අමාත්යවරයාව මෙතනට ගේනවා. ඒක තරයේ මතක් කරලා යනවා. අනුර කුමාර දිසානායකගේ මුදල් ඇමතිවරයාව අනිවාර්යයෙන්ම අපි මෙතනට ගේනවා. ඒ ගේන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හෝ මුදල් ඇමතිවරයා පාවිච්චි කරපු අයන් එක, ෆ්රිජ් එක, වොෂින් මැෂින් එක ගැන අහන්න නෙමෙයි. කන්ටේනර් 323 ගැන මුදල් ඇමතිවරයා වශයෙන් තිබුණු වගකීම ගැන අහන්න ඔයාව මෙතනට ගේනවා. ඒ වගේමයි මුදල් අමාත්යංශය වෙච්ච ඩොලර් මිලියන 2.5 වංචාව ගැන අහන්න ඔයාව මෙතනට ගේනවා. ඒ වගේම තමයි ගල් අඟුරු, එළිපිට පෙනිච්ච ගල් අඟුරු වංචාව පිළිබඳව අහන්න ඔබතුමා මෙතෙන්ට ගේනවා. ඒ වගේම තමයි ඒ ගල් බාල ගල් අඟුරු ගෙනල්ලා නොරොච්චෝලේ බලාගාරය කඩා වැටිලා, ඒ වගේම ජාතික පද්ධතිය විනාශ වෙලා වෙච්ච පාඩුව ගැන අහන්න ඔයාව අපි මෙතෙන්ට ගේනවා.
ඒ වගේම තමයි අපිව හිරේ දාන්න, හැබැයි අපිව හිරේ දානවා නම් අනුර කුමාර දිසානායක මුදල් ඇමතිවරයා සහ ඔය සහචරයින්ට මතක් කරනවා මරණ දඬුවම දීලා අපිව හිරේට දාන්න, එහෙම නැතුව හුස්ම යන්තම් හරි ඉතුරු වෙන්න හිරේට දැම්මොතින්, අපි හිර ගෙදර ඉඳගෙන හරි මේ සටන කරනවා. මොකද තවම මට අවුරුදු 46යි. මගේ ආදරණීය තරුණ නායකයා නාමල් රාජපක්ෂ මට වඩා අවුරුදු හයක් බාලයි. ඉතින් ඒ නිසා හිරගෙවල් ලෝකේ ඕන තරම් අපි දැකලා තියෙනවා, හිරගෙවල්වල දානවා දේශපාලන පලිගැනීම් වලට. මේක කෙලින්ම දේශපාලන පළිගැනීමක්.
ඉතින් ඒ නිසා ඒවට ඔරොත්තු දෙන්න බැරි නම් දේශපාලනයට මාතෘකාව තෝරගන්නේ නෑ. එහෙනම් අක්කර 10ක කුඹුරක් අරගෙන කොටාගෙන කොටාගෙන යනවා. ඒ නිසා බය කියන දේ බිංදුවක්වත් මේ හිත්වල ගෑවිලා නැති නිසා තමයි දේශපාලනය කියන මාතෘකාව තෝරලා අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා පලිගැනීම් කරන්න. පලිගැනීම් වලින් අපිව නවත්තන්න බෑ.
මේ තිස්ස කුට්ටිආරච්චිව කැඳවන්නේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. ජනතාවගේ ඉල්ලීම මත ගොවියාගේ, කම්කරුවාගේ පංචමහා බලවේගයේ, හාමුදුරුවරුන්ගේ ඉල්ලීම් මත අනුරාධපුරේ සැප්තැම්බර් 12 වෙනිදා මහා දැවැන්ත ජන රැළියකට දේශපාලන නායකත්වයේ දීම නිසාම තමයි මේ විදිහට දේශපාලන වධවේදනා දෙන්න පටන් ගත්තේ.
ඒ නිසා ඔබ හිතනවා නම් එතනින් තිස්ස කුට්ටිආරච්චිලව නවත්තන්න පුළුවන් කියලා, ඒක රැවටීමට කාරණාවක් ජනාධිපතිතුමනි. ඒ නිසා ඔබතුමාලා වද දෙන්න, ඔබතුමාලාගේ වධවේදනා මැදින් රටේ ආදරණීය ජනතාවත්, මාතෘභූමියත්, ආදරණීය මහා සංඝරත්නයත් අනෙකුත් ආගම් වෙනුවෙන් අපේ දේශපාලන වැඩපිළිවෙළ කරගෙන යන කාරණාවත් ඉතා පැහැදිලිව මතක් කරමින් ඇතුළට යනවා. එළියට එන්න ලැබුණොත්, මම නැවත හවසත් ඔයගොල්ලොත් එක්ක කතා කරනවා, නොලැබුණත් හදවතින් ජනතාවත් එක්ක ඉඳගෙන මේ දේශපාලන සටනේ අපි ඉන්නවා.”
2026 ඔක්තෝබර් 23, ප.ව. 4:31
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:47
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:43
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:14
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 11:21