2026 ඔක්තෝබර් 23, ප.ව. 1:43
ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්යස්ථානයේ අනාගත ආයතනික ව්යුහය, කාර්යභාරය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් ආරක්ෂක නියෝජ්ය අමාත්ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්රාමික) ගේ ප්රධානත්වයෙන් ඔක්තෝබර් 19 වන දින කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.
ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අරමුණින් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන කටයුතු විධිමත්ව සැලසුම් කිරීම සහ කලමනාකරනය කිරීම සහ ත්රිවිධ හමුදාව මඟින් සිදුකරනු ලබන ආරක්ෂක පර්යේෂණ කටයුතුවලට අදාළ පර්යේෂණ හා තාක්ෂණික සංවර්ධන අවශ්යතා හඳුනාගෙන ඒවා පුමුඛතා අනුව ක්රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්ය අමාත්යවරයා, ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්යස්ථානය සඳහා යෝජිත ආයතනික ව්යුහය, විශේෂඥ මානව සම්පත් අවශ්යතාව, ප්රමාණවත් මූල්ය ප්රතිපාදන වෙන් කිරීම සහ ඒ සඳහාම වෙන් වූ රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දුන්හ. තවද, ආරක්ෂක අවශ්යතා සපුරාලීම සඳහා ප්රායෝගික විසඳුම් ලබාදීමේ අරමුණින් විශ්වවිද්යාල සහ අනෙකුත් පර්යේෂණ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක ලේකම් (තාක්ෂණික), ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්යස්ථානයේ වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් සහ එහි නිලධාරීන්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ (KDU) නියෝජිතයන් සහ ත්රිවිධ හමුදාවේ නියෝජිතයින්ද සහභාගී වූහ.
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:47
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:14
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 11:21
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 11:16
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 11:14