2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:30
ජාතික ජන බලවේගයේ ත්රිකුණාමල දිස්ත්රික් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ සමුළුවක් පැවැත්වුණු බවට වාර්තා වනවා.
ඒ කන්තලේ ප්රදේශයේදීයි.
එම දිස්ත්රික්කයේ කොට්ඨාස 13ක සිංහල, දෙමළ, මුස්ලිම් තරුණ තරුණියන් පිරිසක් මීට එක්ව සිටියා.
එම සමුළුව අමතමින් නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර මහතා ප්රකාශ කළේ වත්මන් තරුණ පරම්පරාව මැදිහත් වී රට දූෂිත දේශපාලන සංස්කෘතියෙන් මුදවා ගත් බවයි.
බොහෝ දෙනා දේශපාලනයට පැමිණෙන්නේ තමන්ට පෞද්ගලිකව යම් යම් වරදාන, වරප්රසාද ලබා ගැනීමට වුවත් සමාජවාදී තරුණ සංගමය වටා තරුණ තරුණියන් ඒකරාශී වන්නේ අවංකවම රට ගොඩනැගීමේ පවිත්ර චේතනාව පෙරදැරි කරගෙන බව ඔහු සඳහන් කළා.
තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්ය අමාත්යවරයා කියා සිටියේ අද්යතන තරුණ පරපුර මෙලෙස සමාජවාදී තරුණ සංගමයට එක්වී වත්මන් ආණ්ඩුවට රට ගොඩනැගීමට සහය දැක්වීම තුළින් එහි ප්රතිලාභ නැවතත් එම පරපුරටම ලැබෙන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර මහතා
“ අද ලංකාව වෙනස් කරන්න පුළුවන් කෙල්ලෝ, කොල්ලෝ ඉන්නවනම් ස්වේච්ඡාවෙන් මැදිහත් වෙන ,කැපකිරීමෙන් මැදිහත් වෙන ලංකාවේ එකම තැනයි තියෙන්නේ. ඒ තමයි අද ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන සමාජවාදී තරුණ සංගමය. වෙනස් කරලා තියෙන්නේ ඕගොල්ලන්. අපේ රටේ නංගි මල්ලි එහෙම දේවල් වුණේ නෑ.
කවුරුහරි එනව නම් එන්නේ මොනව හරි ගන්න. කවුරු හරි එනව නම් එන්නේ මොනව හරි දෙනව නම්. ඒක වෙනස් වෙලා තියෙන්නේ. ඒක වෙනස් කරලා තියෙන්නේ අද ඕගොල්ලන්. ඒක නිසා අද මුළු රට පුරාම තරුණ කෙල්ලෝ කොල්ලෝ කඳවුරු බඳිනවා. මොකටද? තමන් වෙනුවෙන්ද? නෑ රට වෙනුවෙන්. දූෂිත වළල්ල පරාජයට පත්කරන්න. රට ගොඩනගන්න. එතෙන්ට වෙනස් වෙලා තියෙන්නේ. මේ ගොඩනගන්නේ පුද්ගලිකව අපිට දෙයක් නෙවෙයි. පුද්ගලිකවම ඔබට දෙයක් නෙවෙයි.
හැබැයි මේ ගොඩනැගීම ඇතුලේ ප්රතිඵල එන්නේ කාටද? නැවතත් ඔබට. මුළු රට ලස්සන වුණොත් ඒ අපි ඔබට. ආර්ථිකය ගොඩට ආවොත් ඒත් ඔබට. රටේ සංස්කෘතිය උඩට ආවොත් ඒත් ඔබට.”
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:37
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:35
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:33
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:21
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:18