hit counter

2026 ඔක්‍තෝබර් මස 30 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:24



ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සමස්ත කාර්යමණ්ඩලය සඳහා එළඹෙන නොවැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ‘අග්‍රහාර’ රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාදීමට කටයුතු යොදා තිබේ.

මේ පිළිබඳව කාර්යමණ්ඩලය දැනුවත් කිරීමේ සහ රක්ෂණාවරණය ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් නාවින්න, බණ්ඩාරනායක ආයුර්වේද අනුස්මරණ පර්යේෂණ ආයතනයේදී පැවැත්විණි.

ආයුර්වේද ඖෂධ සංස්ථා සේවකයන්ට මෙතෙක් අග්‍රහාර රක්ෂණ හිමිකම නොතිබූ අතර, සේවක සුබසාධනය තහවුරු කිරීමේ පියවරක් ලෙස පූර්ණ විනිවිදභාවයකින් යුත් මිළ ගණන් කැඳවීමකින් පසු ජාතික රක්ෂණ භාර අරමුදල හරහා මෙම රක්ෂණය ලබාදීමට පියවර ගෙන ඇත.

සේවකයන්ගේ මූල්‍ය බර අවම කිරීමේ අරමුණින් මෙම රක්ෂණාවරණය සඳහා වන මාසික වාරිකයෙන් 50%ක දායකත්වයක් සංස්ථාව මගින් දැරීමට තීරණය කර ඇති අතර, ඉතිරි 50% සේවකයා විසින් දැරිය යුතුය.

පසුගිය අගෝස්තු 01 වැනිදා එළඹි අදාළ ගිවිසුමට අනුව නොවැම්බර් 01 වැනිදා සිට සියලුම කාර්යමණ්ඩල සාමාජිකයන්ට මෙම රක්ෂණ ප්‍රතිලාභ හිමිවනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: