hit counter

2026 නොවැම්‍බර් මස 03 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 04, පෙ.ව. 12:18



ඉවුම් පිහුම් ගෑස් මිලදී ගැනීමේදී සිදුවන විවිධ අක්‍රමිකතා පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) මහජනතාවගෙන් සහ පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

තමන් පදිංචි ප්‍රදේශවලදී ඉවුම් පිහුම් ගෑස් මිලදී ගැනීමේදී පහත සඳහන් අසාධාරණකම් හෝ අක්‍රමිකතා සිදුවන්නේ නම්, ඒ පිළිබඳව වහාම පැමිණිලි කරන ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.

ගෑස් සැපයීම ප්‍රතික්ෂේප කිරීම, ගෑස් සඟවා තැබීම (කෘත්‍රිම හිඟයක් ඇති කිරීම), විකිණීම ප්‍රතික්ෂේප කිරීම, නියමිත මිලට වඩා වැඩි මිලකට විකිණීම හෝ වෙනත් නීති විරෝධී ක්‍රියා සිදු වේ නම්, ඒ පිළිබඳව දැනුම් දීම සඳහා අදාළ දුරකථන අංකය භාවිතා කරන්න.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ (CAA) ළඟම පිහිටි දිස්ත්‍රික් කාර්යාලයට දැනුම් දෙන්න, නැතහොත් පාරිභෝගික පැමිණිලි සඳහා වන ක්ෂණික ඇමතුම් අංකය වන ‘1977’ ඔස්සේ පැමිණිලි ලියාපදිංචි කරන්න.

“පාරිභෝගික අයිතීන් සුරකිමු! සාධාරණ මිලකට ගෑස් ලබා ගනිමු!” පාරිභෝගික අයිතීන් සුරැකීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: