hit counter

2026 නොවැම්‍බර් මස 12 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 12, පෙ.ව. 12:23



මෙවර අයවැයෙන් (2027) සුරාබදු සංශෝධනයක් සිදු වුවහොත් මත්පැන් මිල සංශෝධනය කිරීමට මත්පැන් නිෂ්පාදන සමාගම් සුදානමින් සිටී.

ඉන්ධන මිල ඉහළ යෑම නිසා ප්‍රවාහන වියදම් ඉහළ යෑම ඇතුළු, මත්පැන් නිෂ්පාදනයට අදාළ වියදම් වැඩි වී ඇති බවත්, එම වියදම් මේ අවස්ථාවේ පියවා ගැනීම වෙනුවට අයවැයෙන් සුරා බදු වැඩිවීමක් සිදු වුවහොත් එයද සැලකිල්ලට ගෙන මත්පැන් මිල යම් ප්‍රමාණයකින් ඉහළ දැමීමට නිෂ්පාදන සංගම් අදහස් කරගෙන සිටින බවත්, එම සමාගම්වල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට ද මත්පැන් මිල පාරිභෝගිකයන්ට දරාගත නොහැකි ආකාරයට වැඩි වී ඇති බවත්, එය සැලකිල්ලට ගෙන මත්පැන් මිල වැඩි නොකර සිටියත් තවදුරටත් සුරා බදු වැඩි වීමක් සිදු වුවහොත් කර්මාන්ත පවත්වාගෙන යෑම සඳහා මිල වැඩිකිරීම හැර විකල්පයක් නැතැයිද ඔවුහු කියා සිටිති.

තරුණ ප‍්‍රජාව ඇතුළු විවිධ පිරිස් නීත්‍යානුකූල මත්පැන් වෙනුවට නීති විරෝධී මත්පැන්, අයිස්, මත්කුඩු ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය වලට පෙලඹී ඇති නිසා නීත්‍යානුකූල මත්පැන් අලෙවියට බලපෑමක් එල්ලවී ඇති බව ද සමාගම් පවසයි.

රජයට සුරා බදු ආදායමෙන් සියයට 80 ක් පමණ ලබාදෙන ප්‍රධාන සමාගම් හතරෙන් සාමාන්‍ය සමාගමක් ඔවුන්ගේ මත්පැන් මිල සුළු වශයෙන් වැඩි කිරීමටත්, තවත් ප්‍රධාන සමාගමක් හිස් බෝතල් සඳහා නැවත ගෙවන මිල වැඩිකිරීමක් සිදුකර ඇති බවත්, සමාගම් කියා සිටී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: