hit counter

2026 නොවැම්‍බර් මස 11 වන බදාදා

2026 නොවැම්‍බර් 11, ප.ව. 12:28



අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද (11) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ.

ඒ අනුව මෙරට වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් අනුපාත පහළ ගොස් ඇති බව වාර්තා වේ. සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රු. 328.10ක් සහ විකුණුම් අනුපාතය රු. 337.35ක් ලෙස නොවෙනස්ව පවතී.

NDB බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතය රු. 327.85 සිට රු. 327.80 දක්වාත්, විකුණුම් අනුපාතය රු. 336.85 සිට රු. 336.80 දක්වාත් සුළු වශයෙන් පහත වැටී තිබේ.

මහජන බැංකුවේ (People’s Bank) ගැනුම් අනුපාතය රු. 328.20ක් සහ විකුණුම් අනුපාතය රු. 336.34ක් ලෙස වෙනසකින් තොරව පවතී.

මේ අතර, කොමර්ෂල් බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතය රු. 326.58 සිට රු. 326.33 දක්වාත්, විකුණුම් අනුපාතය රු. 336.50 සිට රු. 336.25 දක්වාත් අඩු වී ඇත.

සම්පත් බැංකුවේ ද ඩොලරයක ගැනුම් අනුපාතය රු. 328.50 සිට රු. 328.25 දක්වාත්, විකුණුම් අනුපාතය රු. 336.50 සිට රු. 336.25 දක්වාත් පහත වැටී තිබේ.

ඒ අනුව බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතවල සුළු පහළ යාමක් අද දිනයේදී නිරීක්ෂණය කළ හැකිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: