2026 නොවැම්බර් 17, ප.ව. 4:26
අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්රවලට අයත් වෘත්තීය සමිති ඉදිරිපත් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම ඉල්ලීම් අතරින් ක්‍රියාත්මක කළ හැකි සියලු කරුණු හැකි ඉක්මනින් ඉටු කිරීමට රජය අපේක්ෂා කරන බවයි.
2027 ජනවාරි මාසය වන විට සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්තමාන මට්ටමට වඩා ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
එමෙන්ම, 2027 වසරේදී හිමිවීමට නියමිත වැටුප් වැඩිවීමට අදාළ සියලු දීමනා 2025 අප්‍රේල් මාසයේ සිට ලබාදීමට රජය කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කළේය
. රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්රවල ගැටලු පවතින බව රජය පිළිගන්නා නමුත්, එම සියලු ගැටලු එකවර විසඳීමට හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව, පවතින ගැටලු හඳුනාගෙන ඒවාට ප්‍රමුඛතාව ලබාදෙමින් ක්‍රමානුකූලව විසඳුම් ලබාදීමට රජය පියවර ගන්නා බවද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“වෘත්තිය සමිති ඉදිරිපත් කරන ඉල්ලීම් රජය සාවධානව අවධානය යොමු කරනවා. අපි ඒවාට ඇහුම්කන් දෙනවා. කරන්න පුළුනන් දේවල් හැකි ඉක්මනින් කරනවා. හැබැයි මේ කිසිම උද්ගෝෂණයක්, වැඩවර්ජනයක් නොතිබුණු කාලයක 2025 පෙබරවාරි මාසයේදී ආණ්ඩුව හැටියට තීරණය කරලා ඉතා ඉහළ වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ඒ අනුව 2027 ජනවාරි මාසයේදී ගෙදර ගෙන යන වැටුප හැමකෙනාගෙම වැඩිවෙලා තියෙන්නේ. ඒක කාලයකට පස්සේ ලැබුණ ඉහළම වැටුප් ප්‍රමාණයක්. 2027 ලැබීමට නියමිත වැටුපට අදාළ අතිකාල, නිවාඩු දින දීමනා, අමතර රාජකාරී ඇතුළු දීමනාත් 2025 අප්‍රේල් මාසයේ සිට ලබා දෙන්න අපි කටයුතු කළා… 2027 ජනවාරි මාසයේත් මූලික වැටුප් වැඩිවීමක් ලබා දෙන නිසා ඕනේ නම් මේ කිසිවක් නොදී ඊළඟට අවුරුද්දකට කල් දාන්න තිබුණා. නමුත් අපි කල්පනා කළා ක්ෂේත්‍ර ගණනාවක ප්‍රශ්න තිබෙනවා ප්‍රශ්න ඔක්කොම විසඳන්න බෑ. ඒ නිසා මේ මොහොතෙදි යම් ක්ෂේත්‍ර කිහිපයකට දීමනා ලබා දීලා තියෙන්නේ. ඒ දීමනා සමහර ඒවා ලබා දීලා තියෙන්නෙත් ජනවාරි මාසේ ඉඳන් ක්‍රියාත්මක වෙන්න නෙමෙයි ජුලි මාසයේ ඉඳන් ක්‍රියාත්මක වෙන්න. දීමනා කොටසක් තමයි මේ අවුරුද්දේ ලැබෙන්නේ. මේ සියලු දීමනා, පඩිවැඩිවීම්, වරප්‍රසාද වැඩිවීම් එක්ක අපි බලාපොරොත්තු වෙන රුපියල් බිලියන 2000ක ප්රාග්දන වියදම වියදම් කිරීමත් එක්ක අපිට පුළුවන් ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කරගන්න. මේකත් එක්ක අපිට පුළුවන් පුනරාවර්ථන වියදම් 9% සීමාව එලෙසම පවත්වාගනිමින් හෝ ඊට අඩුවුණත් අපිට ඒ වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් වෙන සීමාව වැඩි වෙනවා. ඒක තමයි රජයේ ඉලක්කය. ඒ නිසා තවත් දීමනා ලබා දෙන්නට හැකි නම් අපි ලබා දෙනවා. ඔක්කෝටම එක සැරේ දෙන්න බෑ.”
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:35
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:23
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:15
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:13
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:11