hit counter

2026 නොවැම්‍බර් මස 24 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 25, පෙ.ව. 12:12



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ මහත්මිය දේශපාලනයට පිවිසීමේ කිසිදු සූදානමක් හෝ තීරණයක් මේ මොහොතේ නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසන් කස්තුරි මහතා ප්‍රකාශ කර තිබේ.

තමන් හඳුනන නාමල් රාජපක්ෂ මහතා කිසිවිටෙකත් ලිමිණි මහත්මියව දේශපාලනයට රැගෙන නොඑන බව ඔහු සඳහන් කර ඇත. එමෙන්ම තමන් හඳුනන ලිමිණි රාජපක්ෂ මහත්මිය සිය සැමියාගේ දේශපාලන ජයග්‍රහණ සහ දේශපාලන අනාගතය වෙනුවෙන් සිහින දකිමින් කැපවනවා හැර, මේ මොහොතේ කිසිදු පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයක නොමැති බව ද පසන් කස්තුරි මහතා පෙන්වා දෙයි.

සරලව පවසන්නේ නම්, එළඹෙන ජනාධිපතිවරණයකට හෝ මහමැතිවරණයකට ඉදිරිපත් වන බවට ඇය කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත්, ඒ වෙනුවට මේ මොහොතේ සිය සැමියා මුහුණ දෙමින් සිටින දේශපාලන අභියෝගවලට ශක්තියක් වෙමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: