2026 නොවැම්බර් 30, පෙ.ව. 12:22
වත්මන් රජයට දූෂණ විරෝධී වැඩපිළිවෙළෙන් ඔබ්බට වෙනත් ප්‍රතිපත්ති නොමැති බවත්, එක් පංතියකට එරෙහිව තවත් පංතියක වෛරය පවත්වාගෙන යන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග චෝදනා කරයි.
“මේ වත්මන් රජය සම්බන්ධයෙනුත් මගේ චෝදනාව වන්නේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ හැර වෙනත් ප්‍රතිපත්තියක් ඔවුන් සතුව නොතිබීමයි. එය විශිෂ්ට වැඩපිළිවෙළක්. නමුත් වෙනත් කිසිවක් නැහැ.
අනෙක් පංතියට එරෙහිව පංති වෛරය අඛණ්ඩව පවත්වාගෙන යාම හැර වෙනත් කිසිවක් නැහැ.
ඔබ නායකත්වය භාරගත යුතුයි. පාර්ලිමේන්තුවේ සිටින හෝ විවිධ දේශපාලන පක්ෂවල සිටින පුද්ගලයන් නායකත්වය ගන්නා තුරු බලා නොසිටින්න.
අපේ රට ස්වාභාවික සම්පත්වලින් පොහොසත් රටක්. ඒවායින් බොහොමයක් තවමත් ප්‍රයෝජනයට ගෙන නැහැ. අධ්‍යාපන හා සෞඛ්‍ය පද්ධති ඇතුළු ක්ෂේත්‍ර හේතුවෙන් අප සතුව ඉතා ඉහළ මට්ටමේ සංවර්ධිත මානව සම්පතක් තිබෙනවා. නමුත් මේ වන විට අපි ලෝකයේ දුප්පත්ම රටවල් අතරින් එකක්. ඉතා කෙටියෙන් කියනවා නම්, අපට එක් ජාතියක් ගොඩනැගීමට නොහැකි වීම ඊට ප්‍රධාන හේතුවක්.”
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ Equality Initiative වැඩසටහනට අදාළ VORTEX පස්වන වෙළුම එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළාය.
2026 නොවැම්බර් 30, පෙ.ව. 12:20
2026 නොවැම්බර් 30, පෙ.ව. 12:16
2026 නොවැම්බර් 30, පෙ.ව. 12:15
2026 නොවැම්බර් 30, පෙ.ව. 12:12
2026 නොවැම්බර් 30, පෙ.ව. 12:10