hit counter

2026 නොවැම්‍බර් මස 29 වන ඉරිදා

2026 නොවැම්‍බර් 30, පෙ.ව. 12:15



රටේ වෙන කිසිම ආණ්ඩුවක් නොකරපු විදිහට මේ ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලිකකරණය කරනවා යයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසීය.

රටේ වෙන කිසිම ආණ්ඩුවක් නොකරපු විදිහට මේ ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලිකකරණය කරනවා. ප්‍රධාන වශයෙන් වෙන කිසිම ආණ්ඩුවකට බැරි වුණා ළමයින් 50 ට අඩු පාසල් වහන්න. මේගොල්ල දැන් එම පාසල් වහන එක ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා. 

පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය කියලා සංවිධානයකුත් පසුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණේ තිබුණා. දැන් ඒවා ඔක්කොම අතුරුදන්. එම සංවිධානයෙන් තමයි පාසල් වැසීමට විරුද්ධව අරගල කළේ. පාසල් වහන එක දැන් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය බවට පත්කරගෙන.

පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගන්න මේගොල්ල දැන් නීත්‍යනුකූල පදනමක් හදලා. මේගොල්ල ඒකට විරුද්ධවයි එදා හිටියේ. ඒකට මේ වෙනකොට ගැසට් දෙකක් ගහලා තිබ්බා. ඔක්තෝබර් නොවැම්බර් මේවට අදාළ ගැසට් ගහලා. 

මේගොල්ල අධ්‍යාපනය පෞද්ගලීකරණයට උඩගෙඩි දෙන විදිහට තමයි සම්පූර්ණයෙන් වැඩ කරගෙන යන්නේ. මේගොල්ල දැන් අංශක 180 ක් අනිත් පැත්ත හැරිලා ඉන්නේ.

ආණ්ඩුව බලයට ගේන්න වැඩ කළ සාතිශය බහුතරය රජයේ සේවකයන්. ඒ ගෙනාවේ රජයේ සේවකයන් බහුතරයක බලාපොරොත්තු ඉටුකරගන්න. පැවැති ආණ්ඩු කිසිවක් රජයේ සේවක බලාපොරොත්තු ඉටු කළේ නැති නිසා තමයි ඒවාට එරෙහිව අරගල කරපු ජවිපෙ වෘත්තීය සමිති නායකයන්ව පාර්ලිමේන්තුවට යැව්වේ. ඒ ගොල්ල මැති ඇමැතිවරු වුණාට පස්සේ මේ මොකවත් මතක නැහැ.

ඒගොල්ලන්ට ඡන්දය දීපු මිනිස්සු තමයි අද මේ අරගලවලට පාරට බැහැලා ඉන්නේ. විශේෂයෙන් ගුරු, විදුහල්පතිවරු බහුතරයක් මේ ආණ්ඩුවට ඡන්දය දීපු අය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: