hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 05, පෙ.ව. 10:18



සිපෙට්කෝ ඉන්ධන බවුසරයක් මීගොඩ ප්‍රදේශයේ ඉන්ධන වැඩි මිලට විකිණීම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලීසිය මුතුරාජවෙල ඛනිජ තෙල් සංස්ථාවට සම්බන්ධ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

මුතුරජවෙලින් මෙම බසුසරයට ඉන්ධන පුරවා එය මීගොඩ ප්‍රදේශයට යැවූ නිලධාරියා කවුදැයි මේ වන විට අනාවරණය කරගෙන ඇති අතර ඔවුන්ගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවද වාර්තා වෙනවා.

එමෙන්ම ඉන්ධන ලබා ගැනීම සඳහා ලබා දී ඇති ඉන්වොයිසියද ව්‍යාජ එකක් බවට සැක පහළ වී ඇති බව පොලීසිය පවසයි.

එවන් ව්‍යාජ ලෙස සකස් කළ ඉන්වොයිස් හරි හැටි පරික්ෂා නොකර නිකුත් කිරීම සදහා අනිවාර්යයෙන්ම ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ කිසියම් සබදතාවයක් ඇති බව පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලීසියට අමතරව ඛනිජ තෙල් සංස්ථාව ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මුතුරජවෙලින් සාමාන්‍ය මිලට ලබා ගන්න ඉන්ධන තෙල් සංස්ථාවේ ඇතැම් නිලධාරීන්ගේ ද සබදකම් ඇතිව ඉතා අධික මිලට විකුණා ඇති බව හෙළි වීම මත මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

මීගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත ඉකුත් 3 වැනිදා මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ සිපෙට්කෝ ඉන්ධන බවුසරයක් සමඟ ඩීසල් ලීටර් 6,600ක ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගැනීමත් සමඟයි.