hit counter

2025 ජූලි මස 08 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 06, පෙ.ව. 4:57



මර්දනයට – හදිසි නීතියට – ත්‍රස්ත පනතට – පැහැර ගැනීම්වලට එරෙහිව අද (06) හවස 3.00ට නුගේගොඩදී රැලියක් පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කොට ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ස්ථාන 5කින් පෙළපාලි 5ක් පැවැත්වීමට කටයුතු සංවිධාන කොට ඇත්තේ.

දෙල්කද, කිරුළපන, නාවල, පිටකෝට්ටේ සහ කොහුවල යන ස්ථානවලින් මෙම පෙළපාලි ආරම්භ වීමට නියමිතයි.

මහින්ද සුළඟ හමපු නුගේගොඩින් අද ඊට එරෙහි සුළඟක් හැමීම ආරම්භ වනු ඇති බව රවී කුමුදේශ් මහතා පැවසුවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ එමෙන්ම ලබන 9 වැනිදා විහාර මහා දේවි උද්‍යානයේදී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මහජන ආඥාවක් නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.