hit counter

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 12, පෙ.ව. 5:09



ලංකා ඛනිජ තෙල් සංස්ථාව වරකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සහ කිව්.ආර්. කේතයට ලබාදුන් ඉන්ධන ප්‍රමාණය සමාන වියයුතු යැයි නියමක් පනවා ඇති බවත් රාජ්‍ය ආයතනවල වාහනවල කිව්.ආර්. කේතයට ඇතුළත් නොකර ඉන්ධන ලබාගැනීම නිසා පිරවුම්හල් කළමනාකාරිත්වය ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවත් ඉන්ධන පිරවුමහල් හිමියෝ කියයි.

මානුෂික හේතුන් මත කිව්.ආර්. කේතය නොමැතිව ඉන්ධන ලබා දීමට සිදුවන අවස්ථාව ද ඇති බව කී ඉන්ධන පිරවුම්හල් හිමියන් රෝහල්ගත වීමට වාහනයට ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා සිටි විට නොදීසිටීමට නොහැකි බව ද සඳහන් කළා.

මේ අතර අද (12) සිට ලබන 14 වනදා දක්වා බස්නාහිර පළාත තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 198කට ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලබාදෙන ආකාරය මෙහි දැක්වෙනවා.

එම පිරවුම්හල් ලැයිස්තුව පහතින්,