2022 අගෝස්‍තු 12, ප.ව. 8:45
ගාලුමුවදොර අරගල භූමියේ රැදී සිටි ඉතිරි පිරිස සහ තාවකාලික ඉදි කිරීම් අද දහවල් පොලිසිය මැදිහත් වී ඉවත් කළා.
පොලිසියට අමතරව විශේෂ කාර්ය බළකාය සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක්ද එම ස්ථානයට අද දහවල් පැමිණි අතර කොටුව පොලිස් ස්ථානයේ නිලධාරියකු එහි රැදී සිටි පිරිසට මෙලෙස නිවේදනයක් නිකුත් කළා.
මේ අතර මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් එම අවස්ථාවේදී ඒ අවට රැදී සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි සිටින පිරිස් භාවිත කළ බව කියන මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය කිහිපයක් ද සොයාගත් බව පොලීසිය පැවසුවා.
මීට අමතරව එම භූමියේ තිබී ගංජා පැළයක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා.
2026 ජනවාරි 01, පෙ.ව. 12:34
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:18
2026 ජනවාරි 01, පෙ.ව. 12:15
2026 ජනවාරි 01, පෙ.ව. 12:13