hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2022 අගෝස්‍තු 15, ප.ව. 4:33



ඉන්දියාවට නිදහස ලබා වසර 75ක් පිරීම නිමිත්තෙන් 75 වන නිදහස් දිනය සැමරීමේ වැඩසටහනක් අද (15) යාපනය ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවැත්වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

යාපනයේ පිහිටි ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේදී ඉන්දියානු ධජය සහිතව 75 වන නිදහස් දින සමරනු ලැබුවේ යාපනය ඉන්දීය නියෝජ්‍ය කොමසාරිස් නාගේස් නටරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන්.

උත්සව අවස්ථාව වෙනුවෙන් යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් 75 වන නිදහස සැමරීම සිදු වුණා.