2022 අගෝස්‍තු 16, ප.ව. 1:18
පසුගිය සති කිහිපය පුරා දැඩි කතාබහට ලක් වූ චීන යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරායට ළඟා වුණා.
උදෑසන 08.00ට පමණ අදාළ නෞකාව වරාය පරිශ්‍රයට ළඟා වූ අතර, ටග් යාත්‍රා යොදා ගනිමින් එය ජැටිය වෙත රැගෙන ඒමටයි කටයුතු කළේ.
යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව පිළිගැනීම සදහා කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබුණා.
ඊට මෙරට චීන තානාපතිවරයා ඇතුළු පිරිසක්ද එක්ව සිටි අතර, මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සරත් වීරසේකර, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද එක්ව සිටීම විශේෂත්වයක්.
මෙම නෞකාව පසුගිය 10 වන දා දිවයිනට ලඟා වීමට නියමිත ව තිබුණ ද එම ගමන කල් දමන ලෙස ලක් රජය චීනයෙන් ඉල්ලීමක් කර තිබුණා.
2025 සැප්තැම්බර් 24, ප.ව. 12:35
2025 සැප්තැම්බර් 24, පෙ.ව. 10:56
2025 සැප්තැම්බර් 24, පෙ.ව. 10:13
2025 සැප්තැම්බර් 24, පෙ.ව. 12:10
2025 සැප්තැම්බර් 24, පෙ.ව. 12:09