2022 අගෝස්‍තු 17, ප.ව. 5:15
මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි ධීවර වාඩියකට ඊයේ (16) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා පලා යාම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න අලාභයක් විඳීමට අදාළ ධීවරයින්ට සිදුව ඇතැයි පේසාලෙයි පොලීසිය පවසයි.
පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි අදාළ ධීවර වාඩියට හදීසියේම පැමිණි නාදුනන පිරිසක ගිනි තබා පලා ගොස් ඇති අතර එම ගින්නෙන් ධීවර වාඩි 03ක් සහ අලුත්ම බෝට්ටු එන්ජින් 03ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවට ධීවරයින් පවසනවා.
එමෙන්ම ධීවරයින් විසින් අල්ලන ලද කකුලුවන් කිලෝ 500 ක්, ඉස්සන් කිලෝ 800 ක්, මාලු කිලෝ 100 කට අධික, දැල් ආම්පන්න රැසක්ද ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ධීවර වාඩිවලට ගිනි ගැනීමට පෙරදී පේසාලෙයි ප්‍රදේශයේම ධීවරයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී අදාල ගැටුම පිළිබඳව පේසාලෙයි පොලීසියේද පැමිණිල්ලක් විභාග වෙමින් පවතින අතරවාරයේදී මෙලෙස ධීවර වාඩිවලට ගිනිතබා ඇති බවටද වාර්තා වෙනවා.
අදාල ගිනි තැබීමෙන් පසුව පීඩාවට පත් වූ ධීවරයින් විසින් මන්නාරම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයටද පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර ගිනිතැබූ පුද්ගලයින් සොයා මේ වන විට පේසාලෙයි පොලීසිය සහ මන්නාරම් පොලීසිය විසින් පුලුල් පරික්ෂණයක් අරඹා තිබෙනවා.
වන්නි – රොමේෂ් මධුෂංඛ
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 10:56
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 10:13
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:07