2022 අගෝස්‍තු 25, පෙ.ව. 8:44
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතයි.
ඒ අතුරු අය-වැය සහ රටේ මුදල් තත්ත්වය සම්බන්ධයෙන්.
ඒ අනුව ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලු ම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී ලබන 30 වන දා පස්වරු 2.00ට මෙම දේශනය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඊයේ (24) පෙරවරුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳ තීරණය දන්වා තිබෙනවා.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස සංශෝධිත අයවැය පනත් කෙටුම්පත ලබන 30 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:12