2022 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 7:47
අද (03) පෙරවරු 8.00 සිට හෙට (04) අලුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලටද , මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි
ඊට අමතරව කොටිකාවත්ත- මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටද , රත්මලාන හා කටුබැද්ද යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බවයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
2026 ජනවාරි 18, පෙ.ව. 12:13
2026 ජනවාරි 18, පෙ.ව. 12:10
2026 ජනවාරි 18, පෙ.ව. 12:07
2026 ජනවාරි 17, ප.ව. 1:05
2026 ජනවාරි 17, පෙ.ව. 9:27