hit counter

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 03, ප.ව. 2:30



ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට එන්නට අවශ්‍ය නම් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන්නට සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පුවත්පතකට පවසා තිබෙනවා.

එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් හෝ වෙනත් කිසිවෙකු විසින් මෙතෙක් කර නැතැයි ද ඇය කියා සිටියා.

කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු එන්නට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි කී ඇය එවැනි කතාවක් පක්ෂය තුළ හෝ නැතැයි ද පැවසුවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු එන බවට පැතිර යන කතාව සමාජ මාධ්‍යකරුවන් විසින් පැළ කරන ලද බොරුවක් විය යුතු යැයි ද ඇය තවදුරටත් සඳහන් කළා.

මේ අතර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: