2022 සැප්‍තැම්‍බර් 03, ප.ව. 8:12
ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව පැරිස් සමාජ සාමාජිකයෝ (Paris Club Members ) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ණය පිළියම් පටිපාටියක් ආරම්භ කිරීමට පැරිස් සමාජය සූදනම් අතර කාලෝචිත පරිදි අවශ්‍ය මූල්‍ය රක්ෂණ සැපයීම සහ අවශ්‍ය මූල්‍ය සහතික කිරීම් නියමිත වේලාවට ලබාදීම සඳහා පැරිස් සමාජයේ නොවන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමග සම්බන්ධීකරණය කිරීමට ඇති කැමැත්ත නැවත අවධාරණය කළ බවද එම නිවේදනයේ සඳහන්.
දීර්ඝ කළ ණය පහසුකම් යටතේ මාස 48ක කාලයක සැලැස්මක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර පැවති නිලධාරී මට්ටමේ ගිවිසුම සමාජය විසින් පිළිගෙන ඇති බවද වැඩි දුරටත් එහි සඳහන්ව තිබෙනවා.
2025 අප්‍රේල් 19, ප.ව. 12:09
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:07