hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 9:41



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූ දේ අනුව ඔහු නැවතත් දේශපාලනයට අවතීර්ණ වනු ඇතැයි තමන් නොසිතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවා.

වෙල්ගම මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“මං හිතන්නෙ නෑ ආයෙත් දේශපාලනය කරයි කියලා. දේශපාලනය කරනවා නෙවෙයි, දේශපාලනය තියෙන තැනකවත් ඉන්න එකක් නෑ ඔය මනුස්සයා.ඇයි කියන්නෙ ඉතින් පේන්නැද්ද ඒ මනුස්සයාට වෙච්චි වැඩේ. හැබැයි ඒ මිනිහා එක හොඳ වැඩක් කළා. ඒ මිනිහා නියපොත්තකින්වත් කාටවත් හීරුවෙ නෑ. නෝනාත් එක්ක යන්න ගියා රට දාලා, එච්චරයි. මම හිතුවෙත් සිංහයෙක් කියලා, බලනකොට පූස් පැටියෙක්”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: